“පීනන්න නම් වතුරට බහින්න ඕන” – ඛංජීපානි ඉම්බ්‍රානි අල්ලන මෙහෙයුම ගැන ඕලුගල කියයි

Report

අද පැවති රටම එකට ජාතික මෙහෙයුමේ පොලිස් මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ ඛංජීපානි ඉම්බ්‍රානි අත්අඩංගුවට ගැනීම අසාර්ථක උනාද යන්නයි, එහිදී අදහස් ප්‍රකාශ කරනු ලැබූ ඕලුගල මහතා ප්‍රකාශ කළේ

''සාමාන්‍යයෙන් අපේ රට අපි දන්නවා ඔබතුමා ඔබතුමාගේ ගම් ප්‍රදේශය දන්නවා. නමුත් ඔබතුමා ඒ ගමෙන් බැහැරව වෙන ගමකට ගියොත් ඒ ගම් ප්‍රදේශය ගැන ලොකු අවබෝධයක් අපට නැති වෙන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් වෙනත් රටක කරන මෙහෙයුමක් ඒ රටේ නීතියට අවනතව ඒ වාගේම රට ගැන දැනගෙන අපි කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි පීනන්න වතුරට බහින්නම ඕනිනේ. මං හිතනවා ඒක අසාර්ථක මෙහෙයුමක් නෙමෙයි, සාර්ථක මෙහෙයුමක්. ඉතින් අපි වතුරට බැස්සා.''        

කදිරගාමර්ගේ 21 වැනි ගුණසමරුව සැමරේ - ජාතික සමගිය වෙනුවෙන් කළ කැපවීම සිහි කරයි

කදිරගාමර්ගේ 21 වැනි ගුණසමරුව සැමරේ - ජාතික සමගිය වෙනුවෙන් කළ කැපවීම සිහි කරයි

රියදුරන්ට විශේෂ නිවේදනයක් - පළාත් 5ක් ආවරණය කරමින් හදිසි පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - පළාත් 5ක් ආවරණය කරමින් හදිසි පරීක්ෂාවක්