කදිරගාමර්ගේ 21 වැනි ගුණසමරුව සැමරේ - ජාතික සමගිය වෙනුවෙන් කළ කැපවීම සිහි කරයි

Report

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව නිමිත්තෙන් සංවිධානය කළ දානමය පිංකම ඊයේ (12) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) එක්ව පවත්වනු ලැබීය.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී රාජකීය පණ්ඩිත පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ හත් නමකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි. එහිදී අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියෝ, දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික සේවය, ජාතික සමගිය වෙනුවෙන් කළ කැපවීම සහ රට වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සිහිපත් කළහ.

අද වැසි තිබුණත් ඉදිරියේදී අඩුවෙයි – එල් නිනෝ බලපෑම ගැන කාලගුණයෙන් ප්‍රබල අනාවැකියක්

අද වැසි තිබුණත් ඉදිරියේදී අඩුවෙයි – එල් නිනෝ බලපෑම ගැන කාලගුණයෙන් ප්‍රබල අනාවැකියක්

අනතුරුව පිරිත් සජ්ඣායනා කර, ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද පළ කෙරිණි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, දිවංගත අමාත්‍යවරයාගේ බිරිඳ සහ LKIIRSS පාලක මණ්ඩලයේ ආයුකාලීන සාමාජිකා සුගන්ධි කදිරගාමර් මහත්මිය සහ LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මීට අමතරව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඓතිහාසික මඩු මංගල්‍යයට යන බැතිමතුන්ට සුබ ආරංචියක් - අද රාත්‍රි 9 ට ක්‍රියාත්මකයි

ඓතිහාසික මඩු මංගල්‍යයට යන බැතිමතුන්ට සුබ ආරංචියක් - අද රාත්‍රි 9 ට ක්‍රියාත්මකයි