හෙටින් ඇරඹෙන සා.පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුවත් කිරිමක්..
හෙට(23) දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යන්ට කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
පැය දෙකකට කලින් හෝ විභාග ශාලාවට පැමිණිය හැකි නම් එය වැදගත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසා සිටියේ.
යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකි වුවහොත් එයට සහනයක් ලබාදීම සඳහා ද අදාළ විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද වැඩිදුරටත් ඒ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |