සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්විම අවසන් කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර ඇත.
ඒ අනුව ලබන 20 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති තහනම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුන ද කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙමාපිය, ගුරුවරු සහ විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම මත එම තහනම 20 වෙනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |