ලංකාවට තෙල් නැතිවෙන් නෑ බොරුවට බය වෙන්න එපා - හිටපු ජනපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉරානයෙන් තෙල් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.
මැදපෙරදිග දැන් පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනා ඉන්ධන සීමාවේයැයි බියෙන් සිටින් අතර රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට තෙල් ලබාදීම සඳහා ඉරානයට අමතරව වෙනත් රටවල්ද ගෙන්විය හැකි බැවින් මේ වන විට කිසිදු බාධාවක් නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉරානය හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට බෝම්බ ප්‍රහාරයක් සිදු කළහොත් පමණක් ගැටලුවක් ඇති විය හැකි බවත්, නමුත් දැනට එවැනි දෙයක් සිදුවී නොමැති බවත්ය.
මෙම පැහැදිළි කිරීම ඔහු කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවති හමුවකදී සිදු කර ඇත.