එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක් -

Report

United Arab Emirates හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ දැනුම්දීම් කිහිපයක් එහි ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය නිකුත් කර තිබේ.

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් තුන් ලක්ෂ පනස්දහසක් පමණ වාසය කරන බව සඳහන් කළ ඇය, එම්බසිය විසින් එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු, ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව ද පවසා ඇත.

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි

එමෙන්ම හදිසි අවශ්‍යතා සඳහා සහාය ලබා දීමට විශේෂ සේවාවක් සකස් කර ඇති බවත්, ගමනාගමන, ආරක්ෂිත ස්ථාන සහ ගුවන්තොටුපොළ ප්‍රවේශය පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඩුබායි කොන්සියුලර් කාර්යාලයේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ නිතර ප්‍රකාශයට පත් කරන බවත් ඇය සඳහන් කළාය.

එම නිල නිවේදන නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස ද ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා ඇත.

තවද, මෙරටට සංචාරය කරමින් සිටින අය ගුවන් සේවා සමාගම හා තම සංචාරක නියෝජිතයා සමඟ සම්බන්ධතාව පවත්වා ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

ප්‍රහාර නවත්තන් නෑ සියලු අරමුණු ඉටුවෙන තෙක් ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් දැඩි තීරණයක් ගනියි

ප්‍රහාර නවත්තන් නෑ සියලු අරමුණු ඉටුවෙන තෙක් ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් දැඩි තීරණයක් ගනියි

නිල ප්‍රකාශ සහ නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙස ද අවධාරණය කර ඇති ඇය, එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ මෙරටට පැමිණෙන අයගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.