තෙල් මිල අඩු කරයි?..විදුලිය සහ ගෑස් ප්‍රශ්ණයත් විසඳයි?..රටටම සුබ පණිවුඩයක්..

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Ceylon Electricity Board
By Aruna Apr 28, 2022 11:07 PM GMT
Aruna

Aruna

Report

IOC සහ ඛනිජ තෙල් සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් -

සැප්තැම්බර් දක්වා ගල් අඟුරු හිඟයක් නෑ මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් ඊයේ(28) පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට සහභාගී වී තිබෙනවා.

පවතින අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළා.

ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන අතර ඒ සඳහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අමාත්‍යාංශ ද්විත්වය සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර ඇති අතර පවතින තත්ත්වය කළමණාකරණය කර ඉදිරිදින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම අර්බුදය සඳහා බලපා ඇති හේතු සහ පැවති කළමණාකරණ දුර්වලතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව දඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සඳහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරකම සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යවරයා කියාසිටියා.

විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සදහා ඊයේ(28) ගෙවීම් සිදුකර ඇති අතර ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

විදුලි ජනනය සදහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් ඒ සදහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳවද කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු වුණා.

මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩිවශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී කියාසිටියා.

දැනට පවතින ගෑස් හිඟය පිළිබඳව ද වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙහිදී අදහස් දැක් වූ අතර ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඒඅනුව ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now