තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණ අයට දැනුම්දීමක්

Election Commission of Sri Lanka Local government Election Latest Headlines Sinhala news
By Mithu May 04, 2025 03:11 PM GMT
Mithu

Mithu

Report

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන්වීමත් සමඟ මේ වනවිට මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භ වී තිබේ. එසේම, පළාත් පාලන ආයතන 339ක් සඳහා අනිද්දා (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතව ඇති ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසයි.

[8BCTTFW[

ඒ සඳහා ඡන්ද දායකයින් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද ලියාපදිංචි සෑම ඡන්දදායෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් ලෙස ඡන්දදායකයින්ට භාවිත කළ හැකි ලේඛන සම්බන්ධයෙන් ද සමන් ශ්‍රී රත්නායක මහතා පැහැදිලි කළේය.

එහිදී ඔහු පැවසුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැඳුම්පත, වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාමීක හැඳුනුම්පත, එමෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර්රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පතක් සකස්කරන තුරු ලබාදෙන ඡායාරූපය සහිත තාවකාලික ලියවිල්ල ප්‍රමාණවත් වන බවයත එමෙන්ම මෙම කිසිදු ලියකියවිල්ලක් නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ද භාවිතා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මේ අතර, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඡන්දය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589 කි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමග අද සිට ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලුදෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

ඒ අනුව අපේක්ෂකයින්ගේ කාර්යාල සහ පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන ආකාරය දැකගත හැකිය. මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆ්රල් සංවිධානය සැලසුම් කර තිබේ.

ReeCha