එක්දින හා T20 තරග සදහා එංගලන්තය ශ්‍රී ලංකාවට

Cricket Sri Lanka Cricket England Cricket Team Sports Sinhala news
By Ashfa Aug 20, 2025 02:32 PM GMT
Ashfa

Ashfa

Report

ක්‍රිකට් ආයතනය අද (20) විසින් එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව පවසයි.

එයට අනුව එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරන අතර, තරගාවලිය 2026 වසරේ ජනවාරි මස මුලදී පවත්වයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

එයින් පළමුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, එය ජනවාරි 22, 24 හා 27 දිනවලදී පැවැත්වෙන අතර අනෙක් තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය ජනවාරි 30 හා පෙබරවාරි 01, 03 දිනවල පවත්වන බව වාර්තා වේ.

මෙලෙස එංගලගන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන්නේ වසර 7කට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්ය.

මාලිමා ආණ්ඩුවට කට උත්තර නැති වෙන්න රවී කරුණානායක ගණන් කියයි

මාලිමා ආණ්ඩුවට කට උත්තර නැති වෙන්න රවී කරුණානායක ගණන් කියයි

අවසන්වරට ඔවුන් 2018 වසරේ පැවති එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර, එකම විස්සයි20 තරගය ජයග්‍රහණය කළේය.

එමෙන්ම දෙරට අවසන් වරට විස්සයි20 තරගයකදී හමු වූයේ 2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීය.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදි පැවැත්වේ.

එංගලන්තය අවස්ථා දෙකකදී එනම් 2009 සහ 2022 වර්ෂයන්හි දී විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පළඳා ඇත.