ටයිටැනික් ඇත්තටම ශාපයක්ද? OceanGate – Titan හි ඔක්සිජන් සැපයුම සම්පූර්ණයෙන්ම නවතියි. (VIDEO)

Accident World
By Wayomi Jun 22, 2023 11:50 AM GMT
Wayomi

Wayomi

Report

අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් පස් දෙනෙකු සමගින් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට නොහැකි වී තිබෙනවා.

එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇත.

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදා දිනයේයි.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එදිනම පස්වරුවේ යළි පැමිණීමට නමුත් සබ්මැරීනය කිසිවෙකුත් නොසිතූ ලෙස සාගර පත්ලේ අතුරුදන් වුණා.

ඒ අනුව සබ්මැරීනය සොයා අත්ලාන්තික් සාගරයේ තවමත් මෙහෙයුම් සිදුකෙරෙන්නේ ලොව සුපතල සෝනා තාක්ෂණයෙන්

සාගර පත්ලේ මෙවැනි ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමටද මේ වන විට හැකිව ඇති අතර කිසියම් වස්තුවට තදින් පහර දෙන හඩක් තප්පර කිහිපයක විරාම සහිතව එම ශබ්ද තරංගවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් එම ශබ්ද තරන්ග වල මූලාශ්‍රය නිකුත් වන්නේ ටයිටන් සබ්මැරීනයෙන් බවට මෙතෙක් තහවුරු කර නැහැ.