පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සිදුවුණ ආකාරය මෙන්න..

Report

ඊයේ (19) සහ අද (20) යන දෙදින දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් වී තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

ඒ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුව ඇත.

මේ අතර, දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සළසා දී තිබෙනවා.