දිවයිනෙන්ම සා.පෙළ ප්‍රථමයන් 10 අතරට ආ එකම කොල්ලා මෙන්න..09ක් ම සිසුවියන්..(PHOTOS)

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Sep 29, 2024 05:35 PM GMT
krishani

krishani

Report

ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ දී 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් විය.

ඒ අනුව පළමු දසදෙනා අතර සිටින්නේ එක් සිසුවෙකු පමණක් වේ.

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..


අනෙක් නවදෙනාම සිසුවියන් වීම විශේෂත්වයක් වේ.

මෙලෙස 10 දෙනා අතර සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම සිසුවා ය.

දිවයිනෙන්ම සා.පෙළ ප්‍රථමයන් 10 අතරට ආ එකම කොල්ලා මෙන්න..09ක් ම සිසුවියන්..(PHOTOS) | O L Examnination Results Relesed 29Th September

ඔහු සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි.

එමෙන්ම, එම විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුව ද සිටියි.

මෙතරම්, ක්‍රියාශීලි ශිෂ්‍යෙයකු වුවත් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී සකුණ මුහුණ දුන් විශාලම අභියෝගය වූයේ ඩෙංගු රෝගය වැලඳීමයි.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


ඒ හේතුවෙන් ඔහු මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදු විය.

නමුත්, අධිෂ්ඨානශීලීව කටයුතු කළ සකුණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විභාගයට පෙර දිනයේ නිවසට පැමිණ විභාගයට මුහුණදීමට කටයුතු කර තිබෙනවා.

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..


එවැනි අභියෝග මධ්‍යයේ පළමු 10 දෙනා අතරට ඒමට සකුණට හැකි වූයේ ඔහුගේ උනන්දුව සහ දැඩි කැපවීම වේ.

දිවයිනෙන්ම සා.පෙළ ප්‍රථමයන් 10 අතරට ආ එකම කොල්ලා මෙන්න..09ක් ම සිසුවියන්..(PHOTOS) | O L Examnination Results Relesed 29Th September

සකුණ මේ වනවිට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටි.

ඒ වෛද්‍යවරයෙකු වීමේ සිය අරමුණ කරා යාමට මේ වන විටත් ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරමින් සිටීමයි.

සකුණගේ දැඩි කැපවීම සහ අධිෂ්ඨානයම ඔහුගේ වෛද්‍යවරයෙකුවීමේ සිහිනය සැබෑකරවීමට හේතුවනවාට කිසිදු සැකයක් නොමැත.

මේ අතර, දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි.

දෙවන ස්ථානය සිසුවියන් දෙදෙනකු හිමිකරගෙන තිබෙනවා.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)


ඉන් එක් සිසුවියක් වන්නේ කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කුලුනි මෙත්සලාය.

අනෙක් සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී රත්නවීර සිසුවියයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%