ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

By Hashini Jul 17, 2025 02:34 PM GMT
Report

කටාන - දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සහ 58වන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී.56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටීකටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ද සොයා ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කටාන පොලිස් ස්ථානය මගින් සිදු කරයි.  

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්