මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට කට උත්තර නෑ - ඇදගෙන නාපු ඇමතිතුමා වැරැද්ද පිළිගනී

Report

ඇමරිකාව සමඟ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කළ එකම රට ශ්‍රී ලංකාව යැයි තමා කල පසුගිය ප්‍රකාශය පිළිබඳව අඩුපාඩුවක් තිබූ බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පිළිගත්තේය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඔහු පැවසුවේ, තම අදහස වුයේ ඇමරිකාව සමඟ බදු සාකච්ඡා කර ඉහළම ප්‍රගතියක් ලබා ගත් ආසියානු රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම බවත්, එය වැරදි ආකාරයෙන් ඉදිරිපත් වූ බවත්ය.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මෙම පිළිගැනීම සිදුවූයේ විද්‍යුත් මාධ්‍යවේදියෙකු වන කළිඳු කරුණාරත්න සමඟ පැවති දේශපාලන සාකච්ඡාවකදීය. එහිදී අනිල් ජයන්ත මහතා උත්සාහ කළේ, පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට 44%ක තීරු බදුයක් පැනවූ නමුත් එය 30% දක්වා අඩු කිරීමට හැකි වූ බව පෙන්වාදීමටය.

ඔහු එය ඉහළම බදු අඩු කිරීමක් ලෙස විස්තර කළද, මාධ්‍යවේදියා පෙන්වාදුන් විදියට එය සත්‍යයට නොගැලපුණි. කළිඳු කරුණාරත්න මහතා පැවසුවේ, වියට්නාමය සඳහා ඇමරිකාව 46%ක බද්දක් පැනවූ නමුත් පසුව එය 20% දක්වා අඩු කර ඇති බවත්, වියට්නාමය අවසන් එකඟතාවක් හදාගැනීමටද සමත්ව ඇති බවත්ය.

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ඒ වෙනුවට ශ්‍රී ලංකාව එවැනි එකඟතාවයකට ළඟාවීමට තවමත් අසමත් වී ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

මෙයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කතා කරන අවස්ථාවකදී එවැනි වැරදි සිදුවිය හැකි බවත්, තමන් එම වැරැද්ද පිළිගන්නා බවත්ය.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, ආරම්භයේදී ජනප්‍රියත්වය උපදවීම සඳහා සත්‍යයෙන් තොර ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අවසන් වනවිට සත්‍ය අනාවරණය වීමෙන් පසු අසරණ තත්ත්වයකට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, තමන් කළ වැරැද්ද පිළිගැනීම වැදගත් ක්‍රියාවක් වන අතර, එවැනි ප්‍රවෘත්තියක් හෝ වගකීමක් මේ දක්වා ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් ප්‍රදර්ශනය වී නැති බව ද විචාරකයන් අවධාරණය කරති.