උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව[PHOTOS]
තාමත් සමාජ මාධ්‍ය පුරාවටම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණ 30 වන සුමති සම්මාන උළෙල ගැන ඒ ලැබුණු සම්මාන ගැන, සම්මාන ලැබුණු කලාකරුවෝ ගැන හරි හරියට කතා වෙනවා.
ඒ වගේම සමාජ මාධ්‍ය පුරාවටම අදහස් බෙදා ගන්නවා. ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන කියන්නෙත් එහි සම්මානලාභී තරුවක්.
ඔහු ගැන කතාබහ කරන අවධානෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ඔන්න සමාජ මාධ්‍යයේ තිබුණු තවත් එක සටහනක් ළඟ හිත නතර වෙලා තියෙනවා.
ඒ සටහනේ අයිතිකාරයා වෙන කවුරුත් නෙවෙයි හැමෝම දන්න ධනංජය සිරිවර්ධනගේ සහෝදරයා එහෙම නැත්තම් මධු මාධව අරවින්දගෙන්. ධනංජයට කළින් මධුමාධව කලාවට ආවට මේ වෙනකොට මධු මාධව නම් ඉන්නෙ කලාවෙන් ටිකක් ඈත් වෙලා කියලා තමයි දකින්න ලැබෙන්නේ.
එහෙම වෙලාවක ඔහු ධනංජය ගැන තිබ්බ මේ සටහන බොහෝ රසික පිරිසකගේ අවධානේ දිනා ගත්තා.
එම සටහන පහතින්,
”උබ මදු මාදවගෙ මල්ලි නෙවෙයි…. මම ධනංජය ගේ අයියා….. එංගලන්තයේ වසන්ත ඉර්තුවෙත්… හිටිය හැටිය වහිනව…. අද එහෙම දවසක්… ඒත් අකුනු ගහන් නෑ… හදිසියේම ආපු හිතවතියකගෙ කට හඩ මගේ දුරකතන යට… වෙවුලුවා…. හුලගක් වගේ… කියපු වචන ටික පපුව පසාරු කරගෙන ගියා ඊතල මෙන් අහසට උහුලන්න බැරිව, බිමට අත අරින වැහි බිංදු වගේ… හිත නැවතුනා… හිරු නොබසින ඒ රොප්පෙ.. කාලගුනය අපේ හිත වගේ.. තප්පරයෙන් තප්පරේ වෙනස් වෙනවා.. ඒ ඔක්කම එක්ක මට දැනුනා අහස පුපුරන්න තරම් හෙනයක් වගේ …. පපුව ගිනි ගන්න අකුනක් වගේ ඒ වචන ටික… “මදූ…. දනංජයට සුමති සම්මාන උලෙලේ සම්මානයක් ලැබුනා…” මම ඇමතුම විසන්දි කලේ නෑ…. විසන්දි වෙන්න ඇති…. මට සීතල හුලග පසාරු කරගෙන පපුවෙන් ආපු නම දන්නෙ නැති… හුලග පිට කරන්න… කෑ ගහල හිනාවෙන්නත් බැරි උනා… කෑ ගහල අඩන්න බෑ… මම ගොලු උනා… හැබැයි මට නොදැනුවත්වම … පපුව හරහා ආපු … නමක් නැති හුස්මක්.. පිට උනේ ඇස් දෙකෙන්… මම කෑ ගහල ඇස් දෙකෙන් ඇඩුවද… හිනා උනාද දන් නෑ .. මගෙ මල්ලියේ….. මට උබට කියන්න ලොකූ දෙයක් හිතට ආවට… ඒ කියන්න ගත්ත දේ.. එලියට දාගන්න මගෙ ලග අකුරු තිබ්බෙ නෑ.. මගෙ පපුවෙ වචන තිබ්බෙ නෑ . මම උබට කතා කරා… ඉක්මනින්.. දුරකතනයෙන්… උබ සමරනවා….
මම ආපු පනිවිඩය තහවුරු කර ගත්තා.. මම කිව්වා.. “පෙර හැර පටන් ගත්තා… ඔය කස කාරයා… නටපන් මල්ලියේ … , කියල… ඒ සතුට මැද්දේ තව ඉන්න මට හිතුන් නෑ.. උබට ඒ සතුට යාලුවො එක්ක සමරන්න දීල මම් සමුගත්ත… කෑ ගහල හිනා වෙන්න ඕන වෙලාවක්… එහෙම උනෙත් නෑ… මම කෑ ගහල ඇඩුවෙ නෑ… ඒත් මගේ ඇස් දෙක .. මොනවදෝ මට කිව්ව බන්…. අපි කට කියෙව්වට.. හරි අහිංසක.. සංව්වෙදී උන් බන්… මම දැනගෙන හිටියා… අපි පොඩි මීනිස්සු … ඒත්. මේ රටේ ආදරනීයන් අපිට වඩා.. අපේ නම් ලොකු කරා…. අපිට කියන්න වත් උන් ඉඩ තිබ්බෙ නෑ.. අපි හරි පොඩි මිනිස්සු කියලා… උන් අපිට කන්න බොන්න අදින්න සල්ලි දුන්නා.. ඒ වගේම ඇහැට දැකල නොතිබ්බත්. උන් අපිව දැක්ක… සමහර විට අපේ හෙවනේ අපි එක්කම හුස්ම අරන්.. සියයක් හොද ගිලගෙන කෝටියක් වැරදි කියපු අපේම කියල අපි හිතපු සමහර තැන්.. අපිව තලද්දී.. අපෙ පපු කීතූ කීතු වෙද්දී… අපිට අඩන්න නොදුන්නේ.. සමහර විට… අපිව ඈතින් කුමාරයන් වගේ තියපු.. අපේ රටේ උන්.. උන් දුන්න නම් අස්සෙ අපි හැංගුනා… මට ඇත්තටම ඇයි දන් නෑ… කෑ ගහල අඩන්න හිතුනා… මම ඇඩුවෙ නෑ.. ඒත් නොකඩවා .. මගේ ඇස් වලින්කදුලු පැන්නා… වතුර වලට වඩා ලේ ගනකම් ඇති.. ලේ වලටත් වඩා… සමහර තප්පර හරි බරයි…. උබල පොඩි කාලේ… උබලගෙ මැද කාලේ.. උබල තැනකට ගිහාම කිව්වෙ.. මදූ ගෙ මල්ලි කියලා… උබල ඒකට කැමති උනාද දන් නෑ. අකමැති උනාද වත් මන් දන් නෑ පුංචි කාලේ උබව කකුල් දෙකේ දාල.. පොඩි කමට නිදි කරද්දී… උබ හරි ලස්සනයි… ස්වේත ඉපදෙනකම්.. මම ඉපදුන හැටිය දැක්ක ලස්සනම බබා උබ.. ස්වේතා ආවට පස්සෙ එයා මම දැකපු ලස්සනම කුමාරි.. උබ මම දැකපු ලස්සනම කුමාරය කිව්ව අයිය මන්.. අද ස්වේත විතරක් නෙවෙයි.. මගේ රටෙත් මන් නෑ.. මම කියල දන්න හුලගක්වත් නැති රටක.. මම බලාගෙන ඉන්නවා…. උබලගෙ ලෝක දිහා .. ආදරෙන්… අපේ ලෝක වල ඈත් වීම් ලන් වීම් තිබ්බත්.. අපි උබෙ අම්මගෙ තාත්තගෙ.. අපේ සමනල කන්දෙයි.. අපේ මහවැලි ගගෙයි… දරුවො…. ඉතිං, අහස පුරා කලු කරල වහින එංගලන්තේ හීතල හුලගට බැරි උනා.. මගෙ ඇස් වලින් එන.. රස්නෙ නවත්තන්න…
මම ඇඩුවෙ නෑ… පපුව තද කරන්…හිටියා…. උබට මොකක්ද කියන්න හැදුවා… මම කලබලෙන් අම්මට කතා කරා.. පනිවිඩේ කියන්න… මගෙ පුතේ…. ඒ අම්මගෙ කට හඩ… අම්මේ… මල්ලිට සම්මානයක් ලැබිලා… මම ඒ ටික කිව්වා අම්මට…. අම්මගෙ අහසෙත් මහා ආදරනීය අකුනක් ගහන්න ඇති…. ඊට පස්සෙ උබට කියා ගන්න හදපු දේත්… මම ආයෙමත් වෙවුලන කට හඩකින් අම්මට කියන්න හැදුවා… උබට වගේම…. මගෙ වචන එලියට ආවෙ නෑ මල්ලියේ… අම්ම එක්කත්….. මම අම්මේ….. කියල ගොලු උනා…. මගෙ වචන හිදිල තිබ්බ.. අම්ම මගේ නිහඩ බව බින්දා.. ලොකූ හුස්මක් අරන්… හිමීට පිට කරලා…. පුතේ….. කිව්වා…. මන් පිබිනවා….. ඒත් මන් ඇඩුවේ නෑ… මම අකුරු කබ දාල අදිනව වගේ.. භාතිය ඇතාව ආදරෙන් උස්සනව වගේ පපුව අස්සෙන් කියන්න අකුරු ටික එලියට ඇද්දා … ඒත් මොකක් හරි වෙලා තිබ්බ මගෙ වචන.. උන් හැංගිලා… ඒ වෙලාවෙ…. මල්ලියේ අපෙ අම්මා .. එක පාරටම ඇහුවා.. “ඇයි මගෙ පුතේ….” “ඔයා කතා කරන්නකෝ… ඇයි කතා කරන් නැත්තේ කියල….” එතෙක් වෙලා පාගගෙන හිටිය.. නමක් නැති… මට ගලපගන්න බැරි මගෙ පපුව අස්සෙන් ආව… හුස්ම ටික … පිපිරුවා මගෙ කටින්… මම කෑ ගහල ඇඩුවා…. මම මොන මොනාද කිව්වා… මට ඇහුනා අම්මත් අඩනවා… කෑ ගහල හිනා වෙන්න ඕන වෙලාවක කෑ ගහල ඇඩුවෙ ඇයි කියලා… අම්ම දැනන් හිටියේ නෑ…. මම දැනන් හිතියත්… මම කියන් නෑ… කියන්නෙම නෑ… සමහර සම්මාන ජීවිතේ වැරදිම වෙලාවෙ හම්බෙනවා…
ඒත් මේ සම්මානෙ අපි හැමොගෙම ජීවිතේ හරිම වෙලාවෙ උබට හමු උනේ…. ඉතිං….. උබ කන්ද නැගපන්…. මම ආදරෙන් බලා ඉන්නම්… මගේආදරනීයන්ට මේ කේලම කියන්නේ.. මම මැරුන දාක මේක කවුරු කියන්නද.. මම නොකියා…. මම කෑ ගහල අඩල අම්මට කිව්වා…. අම්මේ…. ඒ මදු මාදවගෙ මල්ලි නෙවෙයි…. මේ කෑගහල අඩන්නේ.. ධනංජය ගේ අයියා කියලා… ඉතිං, දවසක මගෙන් අහපන්… හිනා වෙන්න ඕනම වෙලාවෙ ඇඩුවෙ ඇයි කියල… දන් නෑ මල්ලියේ….. මම දන් නෑ…. මතක තියා ගනින්….. අපි හරි පොඩි මීනිස්සු… අපේ රටේ මීනිස්සු අපිට වඩා අපිව ලොකු කරා… උබ කලාවේ තව ඉහලටම ඔව් ඉහලටම පලයන්… මම සහ මගේ උන්.. හදවතින්ම සුබ පතනවා….. ඉතිං…. පෙර හැර උබව අරන් යයි.. කන්ද මුදුනටම… මගෙ මල්ලි ලැබෙන පුංචිම සතුටත්.. ලොඋම සතුටත්.. පපුවට ගනින්.. එකක් මතක තියාගෙන… වත්තෙගම ඉදල.. කොලබට ලොරියක් පස්සෙ ආව … පොඩිම පොඩි අපිට… අපිව බර වැඩියි.. හැබැයි මේ රටේ මීනිස්සු … අපිව මැරෙනකම්.. ආදරෙන් සමරාවි… ලොකූ වට… උන්ට දවසක අපි කියමු.. අපි හරි පොඩි මිනිස්සු… සන්තෝසෙට අඩන.. දුකට හිනාවෙන.. කියලා… උබට ජයම වේවා.. මම දවසක කියන්නම් මට ඇඩුනේ ඇයි කියල.. සමහර විට එතකොට උබ කෑ ගහල හිනා වෙයි…. ඔව් අපි දුකට හිනා වෙන සන්තෝසෙට අඩන.. පොඩිම පොඩි මිනිස්සු බන්… මීට.. ධනංජය ගේ අයියා… මදු මාදව ධනංජයවින්ද…"






