වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..
Government Of Sri Lanka
Income Tax Department
Latest Headlines
Decision Making
Value Added Tax (VAT)
By krishani
2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් බදු ගෙවීම් සැප්තැම්බර් 30 වැනි සඳුදා වන විට අවසන් කළ යුතු වේ.
ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන පුද්ගලයින්ට නීතිමය දඩුවම් සහ පොළී ගෙවීමට සිදුවන බවයි.
ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි.