ඔයත් ලංකාවේ සංචාරය කරන්න කැමැත්තෙන් ද ඉන්නේ?. එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔයාට..
By krishani
මේ වන විට රට තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වී ඇති බවට ඇතැමුන් සමාජ මාධ්‍ය හරහා තොරතුරු පල කරන බවට වාර්තා වේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් පළ කරනු ලබන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ ය.
මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන බොහෝ පිරිස් අපහසුතාවයන්ට පත්ව ඇති බව ඔහු පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන් හෝ කාලගුණය සම්බන්ධව තොරතුරු ලබාගැනීමේ දී වගකිවයුතු ආයතන මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව පමණක් සැලකිලිමත් වන ලෙසයි.