නුවරඑළියට තවත් සුන්දර වෙනසක් ඉදිරියෙදී
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
මේ අනුව එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත මේ අයුරින් අනුමත කර තිබේ.