නුවරඑළිය ජනතාවට සුබම සුබ ආරංචියක්
සතිඅන්ත නිවාඩුව සමඟ නුවරඑළියට දෙස්–විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ.
මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයේ අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීමට පිරිස් මෙසේ විශාල වශයෙන් ගමන් කරන බව වාර්තා වේ.
වසර 17කට පසුව, පසුගිය 22වනදා නුවරඑළියට අවම උෂ්ණත්වයක් වාර්තා වූ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුව එය සෙල්සියස් 3.5° ලෙස සටහන් වී තිබේ.
මෙය 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස ඉතිහාසයට සටහන් වී ඇත. මෙම අවම උෂ්ණත්ව තත්ත්වය අද (25) දිනයේද නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් 9.7° ලෙස සටහන් විය.