ගිය ආණ්ඩුවේ කතාවුන නුවරඑළිය තැපැල් කන්තෝරුව ගැන රජයේ අලුත් සැලසුම

Report

නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් සේවාවන් පවත්වාගෙන යන අතරම සංචාරක කර්මාන්තයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් ඉවත් කර විකිණීමට සැලසුම් කර තිබුණි.

OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම.. මෙන්න අලුත් ගණන් ටික!

OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම.. මෙන්න අලුත් ගණන් ටික!

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක් ද පවතින අතර, ඉදිරියේ දී නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ තාක්ෂණික සහාය ලබා ගනිමින් කටයුතු කිරීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියට නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වන බව නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව