OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම.. මෙන්න අලුත් ගණන් ටික!

Government Of Sri Lanka Economy of Sri Lanka Budget 2025
By Shehan Mar 26, 2025 07:45 AM GMT
Shehan

Shehan

Report

රාජ්‍ය සේවකයින් සඳහා අමතර සේවා දින සහ OT (අතිකාල) සඳහා ගෙවූ දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යන බව රජය විසින් චක්‍රලේඛයක් සහිතව නිවේදනය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර සේවා දින සහ අතිකාල පැය සඳහා මෙතෙක් ගෙවූ දීමනා ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා වී තිබුණත්, එය පෙර පරිදිම පවත්වාගෙන යාමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 නිකුත් කර තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එම දීමනාවලින් කොටසක් පමණක් ගෙවීමට රජය සැලසුම් කර ඇති නමුත්, ආර්ථික තත්ත්වය ස්ථාවර වූ වහාම සම්පූර්ණ මුදල ගෙවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එම චක්‍රලේඛයේ ඇතුළත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා තම අයවැය කතාවේදී සඳහන් කළේ, වසර 40කට ආසන්න කාලයක් පැවති "විස්සෙන් එක" දීමනාව "තිහෙන් එක" බවටත්, වෛද්‍ය වෘත්තිකයින්ට, පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට අමතර පැයකට ගෙවූ "අසූවෙන් එක" සහ "එකසිය හැටෙන් එක" දීමනා පිළිවෙලින් "එකසිය විස්සෙන් එක" සහ "දෙසීයෙන් එක" දක්වා අඩු කිරීමටත් පියවර ගන්නා බවයි.

අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි

අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි

මෙම තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය එක්ව දීප ව්‍යාප්ත එක්දින සංකේත වර්ජනයක් සහ සෞඛ්‍ය සේවාව තුළ අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් දියත් කළා.

 කෙසේ වුවත්, ජනාධිපතිවරයාගේ මුල් තීරණය වෙනස් කරමින්, වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ට මෙතෙක් ගෙවූ දීමනා ක්‍රමය යථා තත්ත්වයේ පවත්වා ගැනීමට අද (26) නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 හරහා පියවර ගෙන තිබෙනවා.

රජය තම ඉල්ලීම්වලට ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ බැවින්, තාවකාලිකව අත්හිටවූ වර්ජන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් නතර කිරීම පිළිබඳ හෙට (27) තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරනවා.'

විමල් යුද්දෙට කඩු සොයයි! (VIDEO)

විමල් යුද්දෙට කඩු සොයයි! (VIDEO)



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha