නුවරඑළියට යන අයට විශේෂ දැනුම්දීමක්
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයන් විශාල පිරිසක් අද (08) නුවරඑළියට පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු අප වෙත පවසයි.
නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන මේ වන විට සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන ඇති අතර, තවත් සංචාරක පිරිසක් හෙට (09) පැමිණීමට කාමර වෙන්කර ගෙන ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නුවරඑළිය පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම, නුවරඑළිය මහ නගර සභාව විසින් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.
නුවරඑළියට පැමිණි සංචාරකයන් ග්‍රෙගරි වැව ආශ්‍රිතව විනෝද වන අයුරු අපගේ කැමරාවල සටහන් වූයේ මෙලෙසින් ය.