ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි නුවන් තුෂාරගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය "විරෝධතා නොමැති බවට වන සහතිකය" (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනුකළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා අස්කර ගනු ලැබීය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවන් තුෂාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී. අරූල්ප්රගාසම් මහතා අධිකරණයට දන්වා සිටියේ IPL තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති බැවින් මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බවයි.
ඒ අනුව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර, පසුව නඩුව නිෂ්ප්‍රභ කෙරිණි.