ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් – පළාත් රැසකට අවදානම් නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්වල සවස 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්ය.
මෙම ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය අද (23) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත.