හෙද හෙදියන් හෙට සිට ලෙඩ වෙයි..

Covid Nurse Healthy ministry Strick
By Aruna May 30, 2021 02:11 AM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර සිය ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now