මෙරට කොවිඩ් මරණ ගණන එකවර විශාල ප්‍රමාණයකින් වැඩි වේ. 36 හැවිරිදි කාන්තාවක් ඒ අතර

Covid-19
By Thaya Jan 13, 2021 06:33 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.