බීමත් රියදුරා නිසා සිදුවු බිහිසුණු අනතුර ජීවිත 2ක් බිලි ගයි (CCTV VIDEO)

Homagama Maharagama Nugegod high level road Katubadda
By Sewvandhi Oct 27, 2021 12:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව ආසන්නයේ නොසැලකිලිමත් ලෙස ගමන් ගත් මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහරගම දෙස සිට නුගේගොඩ දෙසට වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී නුගේගොඩ දෙස සිට මහරගම දෙසට ධාවනය වූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් මියගිය කටුබැද්ද සහ හෝමාගම පදිංචිකරුවන් දෙදෙනාගේ මෘත දේහ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියැදුරු බීමත්ව සිට ඇති බවත් අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථ රියදුරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now