ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ලොකු කරදරයක් - කෝටි ගානක් වතුරේ

Report

ජාතික ඉතිරි කිරීමේ බැංකුව මාලදිවයිනේ ආර්පීඅයි නමැති සමාගමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ අනූවක ණය මුදලක් ලබා දී ඇත.

නමුත් එම ණය මුදල ලබාගෙන ඔවුන් ඒ රට ඇතුළේ ඉදිකරපු නිවාඩු නිකේතනයක්( විලා ) එකක් නැති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම බැංකුවට විදේශ සමාගමකට මේ ආකාරයට ණය මුදලක් ලබාදීමට කිසිදු බැඳීමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

මේ සමාගම කිසිම ප්‍රාග්ධන මුදලක් නැවත ගෙවා නැති බවත් මෙම මුදල පසුව ඩොලර් මිලියන 17.2ක් දක්වා වැඩි වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලංකාවට මැදිහත් වෙන්නැයි අජිත්ගෙන් යෝජනාවක්

ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලංකාවට මැදිහත් වෙන්නැයි අජිත්ගෙන් යෝජනාවක්

අද රාත්‍රී 11 දක්වා අවදානම් - කාලගුණයෙන් ප්‍රබල නිවේදනයක්

අද රාත්‍රී 11 දක්වා අවදානම් - කාලගුණයෙන් ප්‍රබල නිවේදනයක්