ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට ආලෝක බණ්ඩාර

Report

ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගයේ ආලෝක බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරීපත්ව ඇත.

  ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම අවස්ථා දෙකකදීම නොහැකි වී තිබේ.

ඒ ප්‍රාදේශීය සභාවේ රහස් ඡන්දයට විරෝධය පා විපක්ෂ මන්ත්‍රීවරුන් නැගිට යාමෙන් පසු ඝන පූර්ණය නොමැතිවීමෙන් සභාව කල් තැබීමට සිදුවීම නිසාවෙනි.

ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා යළිත් වරක් ඊයේ දිනයේ දී ද රහස් ඡන්දයක් පවත්වන ලදි.

විපක්ෂය අධ්‍යාපන ඇමැතිනී හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තබයි

විපක්ෂය අධ්‍යාපන ඇමැතිනී හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තබයි

එම අවස්තාවේ දී පැවති ඡන්දයෙන් සමගි ජන බලවේගය ඇතුලු පොදු විපක්ෂය නියෝජනය කළ අනුෂ්ක ප්‍රියශාන්ත මහතා පරදා ජාතික ජන බලවේගයේ ආලෝක බණ්ඩාර මහතා සභාපති ලෙස ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව ආලෝක බණ්ඩාර මහතාට ඡන්ද 18ක් ලැබී තිබුණි.නමුත් අනුෂ්ක ප්‍රියශාන්ත මහතාට ලැබී තිබුණේ ඡන්ද 13ක් පමණකි