මාලිමා දිගාම්බරම් හවුල් ආණ්ඩුවක් - රතිඤ්ඤා දමා සමරයි

Political Development Latest Headlines National People's Power - NPP Sinhala news NPP Government
By Ashfa Jun 27, 2025 01:29 PM GMT
Ashfa

Ashfa

Report

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට හිමිවීම සනිටුහන් වූවෙන් පසුව, බගවන්තලාව නගරයේ පුරවැසියෝ සතුටට පත්වෙමින් රතිඤ්ඤා දල්වා සිටින බව වාර්තා වේ.

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

මෙම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරීපත් වූ අතර, ඔහුට එරෙහිව තරගය කළ ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා ඡන්ද 7 ක් ලබා ගත්තේය.

ඉරානය දැඩි තීරණයක් ගනී - 700කට වැඩ වරදී

ඉරානය දැඩි තීරණයක් ගනී - 700කට වැඩ වරදී

උප සභාපති ධුරය සඳහාද විවෘත ඡන්දය මඟින් තේරීමක් සිදුකරනු ලැබූ අතර, සමගි ජන බලවේගයෙන් තරග වදින නඩරාජා සිවකුමාර් මහතා ඡන්ද 12 ක් ලබාගනිමින් තේරීපත් විය. ඔහුට එරෙහිව තරග කළ කොලුන්දුවේල් ඉරාජේන්ද්‍රන් මහතා ඡන්ද 7 ක් ලබා ගත්තේය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

මෙම තේරීම් සඳහා සහයෝගය ලබාදී තිබුණේ සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතාගේ මැදිහත්වීමෙනි.

ඔහු ජාතික ජන බලවේගය සමඟ එකඟවී නෝර්වුඩ් සභාවේ සභාපති ධුරය සඳහා ජොහන්ස් ඇලන් මහතාට සහය දක්වා තිබූ අතර, විශේෂත්වයක් ලෙස ජාතික ජන බලවේගයද එම උදව්වට පිළිසඳරව උප සභාපති ධුරය සඳහා නඩරාජා සිවකුමාර් මහතාට සහයෝගය ලබාදී ඇත.

ReeCha