" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා [PHOTO]

Report

පසුගියදා පැවති ඒෂියා මිරකල් සම්මාන උළෙලට ආරාධිතයෙකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, වේදිකාවේ සිට සම්මාන පිරිනැමීමේ ව්‍යාපෘතියකට එක්වූ අවස්ථාවක, ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ ලෙස තේරීපත් වූ හයේෂිකා ප්‍රනාන්දුට එම සම්මානය පිරිනැමීම ප්‍රතික්ෂේප කළේය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ඔහු එම කාර්යය සඳහා කැඳවූවත්, අවසානයේදී හයේෂිකාට සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු වෙනුවට වේදිකාවේ සිටි වෙනත් පුද්ගලයෙකු විසිනි.

නැවතත් තුර්කිය හා ඊශ්‍රායලය අතර යුද්ධයක් ?

නැවතත් තුර්කිය හා ඊශ්‍රායලය අතර යුද්ධයක් ?

තරුණයෙකුට පහරදීමක් සහ සමාජ මාධ්‍යයේ අවදානයට ලක්වූ වාදවිවාද කෙරෙහි සම්බන්ධ වීම හේතුකොටගෙන හයේෂිකා ප්‍රනාන්දුගේ නම ප්‍රසිද්ධියට ලක්ව ඇති අතර, එම උළෙලේදී ඇයට ‘ජනප්‍රියම ගුරුවරිය’ යන තවත් සම්මානයක්ද හිමිවිය.

අපි කමෙනිව මරන්න ගියේ බැරි වුණා - ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ ඇත්ත මුණ මෙන්න

අපි කමෙනිව මරන්න ගියේ බැරි වුණා - ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ ඇත්ත මුණ මෙන්න

එම සම්මානය පිරිනැමීම සිදුකෙරුණේ සුදත් රෝහණ මහතා විසිනි. මෙය සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙසේ පැවසීය:

“මට ඇයත් සමග කිසිදු පෞද්ගලික අමනාපයක් නැහැ. මම පෞද්ගලිකව පළමු වතාවට භෞතිකව මුණ ගැහුනෙත් එදා. ඒ අවස්ථාවේ ඇයට ආරාධනා කරන කොට මමත් පොඩ්ඩක් පුදුමයට පත් වුණා. අපේ රටේ ගුරු විදුහල්පතිවරු ඉන්නවා දෙලක්ෂ හැටදාහක් විතර. ඉතින් ඒ අය අතරින් හොඳම ගුරුවරිය මෙයාද? මට හෘද සාක්ෂියට එකඟව එවැනි සම්මානයක් දීමේ හැකියාවක් ලැබුණේ නැහැ.ඉතින් මම ඉතාම නිහතමානීව එම සම්මානය දීම ප්‍රතික්ෂේප කළා.”  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery