ඇයි මෙහෙම පච කියන්නේ? - කවද්ද මේ පච නවත්තන්නේ? අනිල් ජයන්තට කට උත්තර නැහැ

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Latest Headlines Anil Jayantha Fernando Sinhala news
By Shehan Aug 05, 2025 10:20 AM GMT
Shehan

Shehan

Report

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු පිළිබඳව දෙරණ රූපවාහිනී නාලිකාවේ “360” වැඩසටහනකදී උණුසුම් සාකච්ඡාවක් ඇති විය.

මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න විශේෂයෙන් අවධානය යොමු කළේ ආර්ථික වර්ධන වේගය සහ විදේශ සංචිත පිළිබඳ ඉදිරිපත් කරන ලද දත්තවල නිරවද්‍යතාවය කෙරෙහිය.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8.3%ක මට්ටමක පවතින බවත්, රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් අඩු මට්ටමක තිබූ බවත්ය. එමෙන්ම, ලබන සැප්තැම්බර් මාසයට පෙර එම සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5කට වඩා ඉහළ මට්ටමකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ කවිඳු කරුණාරත්න මහතා, “රටේ ජනතාව බුද්ධිමත් බව ගැන සැලකිල්ලකින් තොරව, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මාධ්‍ය ඉදිරියේ මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ කෙසේද?” යනුවෙන් විවේචනය කළේය.

ඔහු අවධාරණය කළේ, සාමාන්‍ය පුරවැසියෙකුට ආර්ථික වර්ධන වේගය පිළිබඳ නිශ්චිත දැනුමක් නොතිබීම ගැටලුවක් නොවුවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් එක් අයෙකු ලෙස, නියෝජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු දැන සිටිය යුතු බවයි.

වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ, ආරුගම්බේ ඉන්න අයට ආරක්ෂාව දෙන්නේ වගකීම නිසා කැබිනෙට්ටුව හෙල්ලුනත් නලින්දගෙන් උත්තර

වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ, ආරුගම්බේ ඉන්න අයට ආරක්ෂාව දෙන්නේ වගකීම නිසා කැබිනෙට්ටුව හෙල්ලුනත් නලින්දගෙන් උත්තර

මෙම ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින්, සාකච්ඡාවට සහභාගී වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේ, ටී.බී. සරත් මහතා චේතනාන්විතව බොරුවක් ප්‍රකාශ කර නොමැති බවයි. එසේම, විදේශ සංචිත පිළිබඳ ඉදිරිපත් කරන ලද තොරතුරුවලද වැරදීමක් සිදුව ඇති බව සාකච්ඡාවේදී අනාවරණය විය. ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර තිබුණේ, රජය බලයට පත්වන විට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් වූ බවයි. නමුත්, සත්‍ය වශයෙන් එම අවස්ථාවේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් වූ බවත්, වර්තමානයේ එය බිලියන 6.5කට ආසන්න බවත් සාකච්ඡාවේදී නිවැරදි කරන ලදී.

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ ආයෙත් වෙනස් කරන්න යයි

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ ආයෙත් වෙනස් කරන්න යයි

මෙම වැරදීම් සාධාරණීකරණය කරමින්, අනිල් ජයන්ත මහතා පැවසුවේ, “ඕනෑම බුද්ධිමතෙකුට වුවත් තොරතුරු ඉදිරිපත් කිරීමේදී වැරදීම් සිදුවිය හැකි” බවත්, “මිනිසුන්ගේ දැනුම සහ ධාරිතාවන් වෙනස් විය හැකි” බවත්ය. එසේම, සමහර මන්ත්‍රීවරුන්ට ආර්ථිකය පිළිබඳ සියලු තොරතුරු නොදැන සිටිය හැකි බවත්, ඔවුන්ට පැවරී ඇති රාජකාරී ඉටු කිරීම ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, කවිඳු කරුණාරත්න මහතා දැඩිව අවධාරණය කළේ, රටේ ජනතාවට වැරදි තොරතුරු සන්නිවේදනය කිරීම තවදුරටත් පිළිගත නොහැකි බවත්, ජනතාව සමඟ ඇත්ත සහ නිවැරදි තොරතුරු හුවමාරු කළ යුතු බවත්ය. රටේ ආර්ථික වර්ධන වේගය සහ විදේශ සංචිත පිළිබඳ මූලික දැනුමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තිබිය යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

කිව්වා විදිහට බද්ද අඩු කරානේ, එහෙනම් දැන් අපෙන් වාහන ගන්න ඇමරිකාවෙන් සද්ද දායි

කිව්වා විදිහට බද්ද අඩු කරානේ, එහෙනම් දැන් අපෙන් වාහන ගන්න ඇමරිකාවෙන් සද්ද දායි


ReeCha