ඔයත් මෙන්න මේ කියන ප්‍රදේශ වලද බලන්න.. ජල සැපයුම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..
By Piyumika
චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (22) දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක-සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බවයි වාර්තා වෙන්නේ.