රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - ඒ සඳහා මේ දේ කරන්න..

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - ඒ සඳහා මේ දේ කරන්න.. | Notice To Nursing Student Applicants

ඒ සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට අදාළවයි.

ඒ සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබා ගත හැකිය.

2019 - 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව 4,000කට අධික බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Sponsored By Sarrita Jewellery