වගා හානි සඳහා අක්කරයකට දෙන මුදල ගැන දැනුම් දීමක්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැළුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
මෙහිදී වී,බඩ ඉරිඟු,අර්තාපල්,ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ.
ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලැබෙනවා.
ඉහත තත්වය යටතේ දැනට මාතර දිස්ත්‍රික්කයේ ගොවියන් 100 ක ගේ පමණ කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බව වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබදව නිරන්තර අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් පවසන්නේ අපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන් හි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යාමට ලක් වන බවයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් දැනුවත් කිරීම සිදු කල හැකිය.
