"සජිත්ගෙන්ම අහලා වැඩ කරන ආණ්ඩුවක්!" - විපක්ෂයෙන් ආණ්ඩුවට කෙළි දොංවීමක්

Anura Kumara Dissanayaka Nalin Bandara Jayamaha Sajith Premadasa Latest Headlines Sinhala news
By Shehan Jul 25, 2025 01:35 PM GMT
Shehan

Shehan

Report

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කිසිදු සැලකිය යුතු වැඩකටයුත්තක් සිදුකර නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රට පහත වැටීමට හෝ අකර්මණ්‍ය වීමට තම පක්ෂය කැමැත්තක් නොදක්වන බවත්, රට දියුණු කිරීමට මෙය හොඳම අවස්ථාවක් බවත්, පසුගිය ආණ්ඩුවලට වැඩ කිරීමට ඉඩ නොලැබුණු බවත්, නමුත් වත්මන් ආණ්ඩුවට වැඩ කිරීමට ඉඩ තිබියදී ඔවුන් එය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවත්ය.

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වත්මන් ආණ්ඩුව බොහෝ දේ ඉගෙන ගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් බවත්, සජිත් ප්‍රේමදාස යෝජනා කළ බොහෝ දේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බවත්, ආණ්ඩුව සජිත් ප්‍රේමදාසගෙන් ටියුෂන් ලබාගන්නා ආකාරයක් පෙන්නුම් කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

ලබන වසර මැද වන විට ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ ජනතාව ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට පටන් ගනු ඇති බවත්, ඡන්දදායකයින් තෘප්තිමත් කිරීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් එහිදී බරපතල අර්බුදයක් හටගනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් අවධාරණය කළේය.

ඇමතිවරු දෙදෙනෙක්ට හා නගරාධිපතිවරයෙක්ට වැඩ වරදී - ඉඩම් වංචාවට අධිකරණයෙන් දුන් නියෝගය

ඇමතිවරු දෙදෙනෙක්ට හා නගරාධිපතිවරයෙක්ට වැඩ වරදී - ඉඩම් වංචාවට අධිකරණයෙන් දුන් නියෝගය

"මහත්තයා නැහැ කියලා මම පොහොට්ටුව අත්හරින්නේ නෑ.. ලොකු වෙනසක් කරනවා" - චමරි කියයි

"මහත්තයා නැහැ කියලා මම පොහොට්ටුව අත්හරින්නේ නෑ.. ලොකු වෙනසක් කරනවා" - චමරි කියයි

ReeCha