රජයේ මුදල් පිලිබඳ කාරක සභාවට නිශාන්ත ජයවීර පත් කරයි

Parliament of Sri Lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 25, 2025 11:27 AM GMT
Hashini

Hashini

Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල පුරප්පාඩු ඇති වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඒ අනුව එකී පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (03) හී විධි විධාන ප්‍රකාරව ජූලි 24 දින තේරිම් කාරක සභාව විසින් නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන බවයි. 

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

බස් අනතුරකින් ළමුන් ඇතුළු 9 දෙනෙක් මරුට

බස් අනතුරකින් ළමුන් ඇතුළු 9 දෙනෙක් මරුට

ReeCha