මෙන්න වැඩක් - ඔයාලා ආදරය කරපු සුපිරි නලුවෙක් අත්අඩංගුවට
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක්‌කෙනෙකුට රුපියල් 30,000 බැගින් මුදල් දෙකක් අල්ලස් ලෙස ඉල්ලා ගැනීමය.
මෙම චෝදනාව මතු වූයේ මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක සහ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන්හමුදා නිලධාරියෙකුගේ පැමිණිලි අනුවය.
පැමිණිල්ල අනුව, විදුහල්පතිනියට එරෙහිව පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් එම විමර්ශනය සිදු නොකරන බවට ලිපියක් ලබාදෙන ලෙස කියා සහ අදාල ගොනුව ලබාදෙන බවට පවසමින් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි සැකකරුවාට චෝදනා වෙයි.
ඒ මෙන්ම, ගුවන්හමුදා නිලධාරියෙකු සම්බන්ධවද, විමර්ශනයකට භාජනය නොවීමට සහ එය තහවුරු කරන ලිපියක් ලබා දීමට කටයුතු කරන බවට කියා එම පුද්ගලයාගෙන්ද මුදලක් ඉල්ලා ඇතැයි චෝදනා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු, අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
