ඇඟත් එක්ක සීතල වෙනවා, හැප්පුවා මදිවට හැප්පුණු කාන්තාවගේ කකුල ගෙදර අරන් ඇවිත් විසික් කරලා

Sri Lanka Police Accident Law and Order Sinhala news Breaking News
By Kaushi Jul 25, 2025 11:24 AM GMT
Kaushi

Kaushi

Report

අක්මීමන, හිනිඳුම්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් බිහිසුණු අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

අඳාළ කාන්තාව පාසල් ගිය සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් පැමිණෙන තුරු තම ස්කූටි වර්ගයේ යතුරු පැදිය මත අනෙක් දරුවා සමග රැඳී සිට තිබෙනවා.

එවිට එක්වරම මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක ඇගේ පාදය පැටලී ඇති අතර ඇය එහිදී බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙන්න සුබ ආරංචියක්, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි

මෙන්න සුබ ආරංචියක්, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි

මෙහිදී ඇගේ පාදයේ දණහිසින් පහළ කොටස යතුරුපැදියේ පැටලී ඇති අතර, ඒ ගැන නොදත් යතුරුපැදිකරු අනතුර සිදු වූ නිසා ඇති වූ බයට එම ස්ථානයෙන් පළාගොස් ඇති බව සඳහන්.

අනතුරුව යතුරුපැදිකරු නිවසට ගොස් යතුරුපැදිය නතර කිරීමේදී පාදයක කොටසක් තම යතුරු පැදියේ පැටලී ඇති ආකාරය දැක ඇත.

එහිදී කලබල වූ යතුරුපැදිකරු රෙදි කැබැල්ලක ඔතා එම පාදය කැලයට විසිකර ඇති බව සඳහන්.

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

ඒ අනුව මෙසේ යතුරුපැදිය ධාවනය කර පසුව කාන්තාවගේ පාදය කැලයට විසිකර ඇත්තේ අවුරුදු 16ක් වූ තරුණයෙක් බවට පොලිසිය වාර්තා කරයි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අක්මීමන පොලිසිය පසුව අනතුර සිදුකළ පුද්ගලයා සොයා විමර්ශනයේදී ලද තොරතුරු මත ඔහුගේ නිවසට පැමිණ ඇත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් අනතුරට පත් කාන්තාවගේ පාදය කොහේදැයි විමසූ විට ඔහු එය කැලයට විසිකළ බව කියා ඇත.

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

ඉන් පසුව එම පාදය රැගෙන රෝහලට ගියද එම පාදය කාන්තාවට බද්ධ කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.

ඒ අනුව අනතුර සිදුකිරීම පිළිබඳව එම තරුණයා අත්අඩංගුවට ගෙන අද (25) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අගෝස්තු 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.    

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

ReeCha