බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම්දීමක්, මේ ප්‍රදේශවල සංචාරය කරන්න එපා
By Kaushi
එක්සත් රාජධානිය කාම්බෝජයේ සහ තායිලන්තයේ රැදී සිටින තම පුරවැසියන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ කාම්බෝජයේ සහ තායිලන්තයේ පවතින දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමඟ එම රටවල් දෙකෙහි ඇතැම් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
එසේම බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය, සංවර්ධන කාර්යාලය පවසා ඇත්තේ කලාපයේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය සහ දිනපතා සිදුවන ප්‍රහාර නිසා දේශ සීමාව අසල වූ දකුණු ප්‍රදේශ කිහිපයකට ගමන් කිරීමෙන් වළකින ලෙසටද සඳහන් කර ඇති බව වාර්තා වේ.
මේ අතර වසර 13කට පසුව මෙසේ දෙරට අතර ඇති වූ දරුණුම ගැටුම්වලින් සිවිල් වැසියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.