මේවගෙන් බෙහෙත් ගත්තොත් නම් ඉවරයි, ෆාමසි 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවලා
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රට පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (25) දින පාර්ලිමේන්තුවේදී මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම නිසා මෙසේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසා ඇති බව සඳහන්.
මේ අතර මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීමට ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි.
එසේම ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් සඳහන්.
තවද ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්.
