රියදුරු බලපත්‍ර ගැන අලුත්ම දැනුම්දීම, නැති අය වෙනුවෙන් ලක්ෂ 8 ක ඕඩරයක්
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මඟින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුවට ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 156කින් අඩුකර ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කරයි.
ඒ අනුව වසර 13ක් තිස්සේ ඒ වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184කට බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
එසේ වුවද විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28කට ලබාදුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
එසේම රියදුරු හැඳුනුම්පත් කාඩ්පත්වලට වන ටෙන්ඩරය ද අඩු මුදලකට ලබාදීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එසේම රියදුරු හැඳුනුම්පත් කාඩ්පත් ලක්ෂ 8ක් මේ වන විට ඇණවුම් කර ඇති බවද අමාත්‍යවරය සඳහන් කර ඇත.