2026 වසරේ පාසල් කාලසටහන සහ ගුරුවරුන්ට උපදෙස් මාලාවක්
රජය ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව, 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය (ගුරුවරුන්) උපයෝජනය කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ සහ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
මින් පෙර පාසල් අවසන් කරන වේලාව ප.ව. 2.00 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබුණද, පවතින ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව 2026 වසරේදී ද පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා දැනට පවතින පරිදිම ක්‍රියාත්මකයි.
1 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් සියලු ශ්‍රේණි සඳහා 2026 පළමු පාසල් වාරය ජනවාරි 05 වනදා ආරම්භ වන අතර 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වනදාත්, 1 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වනදාත් අධ්‍යයන කටයුතු ආරම්භ වනු ඇත.
නව ප්‍රතිසංස්කරණ යටතේ කාලය ආවරණය කර ගැනීම සඳහා 2026 වසරේ පළමු වාර විභාගය නොපවත්වා එම කාලය අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීමට උපදෙස් දී ඇත.
Guideline Commencement of School 2026 - Sinhala (1) by ashfa