දිනකට පුද්ගලයින් නවයක් පමණ මිය යනවා. .. නොපෙනෙන ත්‍රස්තවාදයක් ගැන වැඩබලන පොලිස්පති සිදුකළ අමුතුම හෙළිදරව්ව..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Clean Sri lanka
By Sewvandhi Jan 17, 2025 10:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැඩබලන ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බවයි.

'නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය' යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන පුද්ගලයින් ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවය.

මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බව සඳහන් පොලිස්පතිවරයා කියා සිටියේ මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බව‍යි.

පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව ද පැවසු වැඩබලන පොලිස්පතිවරයා, එය 4ක් දක්වා අවම කරගැනීමටත් ඇතැම් දිනවල 2ක දක්වා අඩු වූ බවත් කියා සිටියේය.

එමෙන්ම දිනකට පුද්ගලයින් 10 - 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට මියගියේ පුද්ගලයින් 4 - 5ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ, පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 25 වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවත්ය.

………………………………………………………………………

You may like this video 👇



ReeCha