"NPP ආණ්ඩුවෙන් හෝ ජනපති අනුරගෙන් මට හිරිහැරයක් වෙලා නෑ" - ඩයනා ගමගේ කළ අලුත්ම කතාව

Report

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන්ට කිසිදු හිරිහැරයක් සිදුව නොමැති බව හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් තමන්ට දේශපාලනික වශයෙන් විවිධ හිරිහැර හා පීඩාවන් සිදුකළ බව ද ඇය චෝදනා කළාය.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවට හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය වරද පිළිගෙන තිබේ.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 26 වැනිදා කැඳවූ අවස්ථාවේදීය.

මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි - විශ්‍රාම යන දිනය මෙන්න

මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි - විශ්‍රාම යන දිනය මෙන්න

අධිකරණ කටයුතුවලින් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තමන්ට දේශපාලනික වශයෙන් විවිධ හිරිහැර හා පීඩාවන් එල්ල කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් බවයි.

තමන් ස්පා මධ්‍යස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාව සහ ගංජා නීතිගත කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවලදී සමගි ජන බලවේගයේ ඇතැම් පුද්ගලයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවත්, අසභ්‍ය වචනවලින් බැණ වැදීම්වලට පවා මුහුණ දීමට සිදු වූ බවත් ඩයනා ගමගේ මහත්මිය චෝදනා කළාය.

ගංජා නීතිගත කළ යුතු බවට තමන් යෝජනා කළේ එය පරිභෝජනය සඳහා නොව කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් බව ද ඇය පැහැදිලි කළාය.

හම්බන්තොට වරායෙන් වාහන මිලියන 5ක් - මෙහෙයුම් ධාරිතාව තවත් ඉහළ දන්න සැලසුමක්

හම්බන්තොට වරායෙන් වාහන මිලියන 5ක් - මෙහෙයුම් ධාරිතාව තවත් ඉහළ දන්න සැලසුමක්

ඒ හරහා ඖෂධ නිෂ්පාදන සමාගම් මෙරටට ආකර්ෂණය කර ගනිමින් විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඇය සඳහන් කළාය.

එම යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන් ද නොසතුටින් පසුවූ බවත්, ඔවුන් සමග සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් එක්ව තමන්ට විවිධ ආකාරයේ පීඩාවන් සිදුකළ බවත් ඇය චෝදනා කළාය.

එමෙන්ම, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නැගී සිටි සෑම අවස්ථාවකදීම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් අසභ්‍ය වචන භාවිත කරමින් තමන්ට අපහාස කළ බව ද ඇය පැවසුවාය. පාර්ලිමේන්තු ලොබියේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැතිනිය කියා සිටියේ, එහි සැබෑ පසුබිම ජනතාව නොදන්නා බවයි.

බජට් එකේ වෙනසක් නෑ, වෘත්තීය සමිති වඳවෙන නිසයි උද්ඝෝෂණ කරන්නේ.. - ලාල්කාන්ත ගිනි අවුළුවයි

බජට් එකේ වෙනසක් නෑ, වෘත්තීය සමිති වඳවෙන නිසයි උද්ඝෝෂණ කරන්නේ.. - ලාල්කාන්ත ගිනි අවුළුවයි

එම අවස්ථාවේදී ද තමන්ට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඉවසීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් අදාළ සිදුවීම ඇති වූ බවත් ඇය ප්‍රකාශ කළාය. කාන්තාවක වූ පමණින් විවිධ පුද්ගලයන්ගෙන් පහරකෑම්වලට හෝ හිංසනයට ලක්වීමට තමන් සූදානම් නොමැති බව පැවසූ ඇය, මෙතෙක් හෙළි නොකළ කරුණු ද ඉදිරියේදී අනාවරණය කරන බව සඳහන් කළාය.

තමන්ට සිදුවූ බව කියන පීඩාවන් සම්බන්ධයෙන් අධිකරණය ස්වාධීනව කරුණු සලකා බලා සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත්, මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව තමන්ට විශ්වාසයක් පවතින බවත් ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මඩකලපුවේ අයාලේ යන ගවයන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් - එක් ගවයෙකුට රු. 10,000ක දඩයක්

මඩකලපුවේ අයාලේ යන ගවයන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් - එක් ගවයෙකුට රු. 10,000ක දඩයක්