අලි-මිනිස් ගැටුමට සහ වගා හානිවලට වහාම ස්ථිර විසඳුම් දෙන්න- සජිත් ප්‍රේමදාසගෙන් රජයට දැඩි ඉල්ලීමක්

By Kanchana Nov 29, 2026 06:00 AM GMT
Report

අලි-මිනිස් ගැටුමෙන් සහ වගා හානිවලින් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව මෙන්ම සතා සිව්පාවා ආරක්ෂා කිරීම සඳහා කඩිනම් සහ ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, වැලිගැත්ත ප්‍රදේශයේ පවතින අලි-මිනිස් ගැටුම පිළිබඳ සොයා බැලීමට එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ කුඹුරු වගා කිරීම සඳහා ගොවීන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

ඒ සඳහා ඇතැම් ගොවීන් තම දේපළ සහ රන් ආභරණ පවා උගස් කර මුදල් සොයා ගන්නා නමුත්, අස්වැන්නට නිසි ස්ථාවර මිලක් නොලැබීම නිසා ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව සිටින බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම අලි-මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත, වගාබිම් සහ දේපළ විශාල වශයෙන් විනාශ වන බවද ඔහු සඳහන් කළා. මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බවට රජය පොරොන්දු වී වසර දෙකක් ගතවී ඇතත්, තවමත් කෙටිකාලීන විසඳුමක් හෝ ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.

ජනතාව රජයට ඡන්දය ලබාදුන්නේ මෙවැනි ගැටලුවලට විසඳුම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් බවද ඔහු සිහිපත් කළා. ඒ අනුව ජනතාව ලබාදුන් ජනවරමට ගරු කරමින් වගකීම්වලින් මඟ නොහැර, පීඩාවට පත්ව සිටින ජනතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා සහ රජය වහාම ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

විපක්ෂයක් ලෙස කුමන්ත්‍රණකාරී දේශපාලනයක නිරත නොවී, ජනතාව අතරට ගොස් ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය සහ සහන ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

ලොස් ඇන්ජලීස් ප්‍රබල භූ කම්පනයකින් කැළඹෙයි - ගුවන් තොටුපොළට හානි, තෙල් පිරිපහදුවෙත් ගින්නක්

ලොස් ඇන්ජලීස් ප්‍රබල භූ කම්පනයකින් කැළඹෙයි - ගුවන් තොටුපොළට හානි, තෙල් පිරිපහදුවෙත් ගින්නක්