බජට් එකේ වෙනසක් නෑ, වෘත්තීය සමිති වඳවෙන නිසයි උද්ඝෝෂණ කරන්නේ.. - ලාල්කාන්ත ගිනි අවුළුවයි
By Aylin Zoya
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණ සිදු කළ ද මෙවර අයවැයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වනවිට අයවැය තුනක් හරහා මූලික වැටුප් ඉහළ නංවා ඇති බව සඳහන් කළේය.
සිව්වැනි අයවැය තුළින් දීමනා සම්බන්ධ ගැටලුව මුළුමනින්ම විසඳීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
“කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ. මේක සංවර්ධනය ඉලක්ක කරලා තියෙන්නෙ. ඒක වෙනස් කරන්න බෑ. වෘත්තීය සමිතිවලට මේකෙ ප්‍රශ්නයක් තියෙනවානෙ, මොනවාහරි කරන්න ඕනෙ. නැත්නම් සමිති වඳවෙනවා, සමිති නැතුව යනවා”
යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.