ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

Report

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූද් ඉමාඩ් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති හමුවකදීය.

මෙහිදී දෙරටේ සෞඛ්‍ය පද්ධතිවල අත්දැකීම් හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් සම්බන්ධයෙන් සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අද සවස 4 දක්වා - මේ ප්‍රදේශ වෙත වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් - දැන්ම දැනුවත් වෙන්න

අද සවස 4 දක්වා - මේ ප්‍රදේශ වෙත වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් - දැන්ම දැනුවත් වෙන්න

එමෙන්ම, සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට සෞඛ්‍ය සේවා පහසුවෙන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

දෙරට සතු සම්පත්, තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව ඵලදායී ලෙස යොදා ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝග ජය ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයිනට රුපියල් මිලියන පහකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සිහිපත් කර තිබේ.

අද සවස 4 දක්වා - මේ ප්‍රදේශ වෙත වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් - දැන්ම දැනුවත් වෙන්න

අද සවස 4 දක්වා - මේ ප්‍රදේශ වෙත වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් - දැන්ම දැනුවත් වෙන්න

එම මානුෂීය ආධාරය වෙනුවෙන් මාලදිවයින් රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් මහ කොමසාරිස්වරයා සිය විශේෂ කෘතඥතාව පළ කර ඇත.

එම පරිත්‍යාගය දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නක් බව ද ඔහු සඳහන් කර තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමතරව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම, මාධ්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි දායකත්වය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.