හම්බන්තොට වරායෙන් වාහන මිලියන 5ක් - මෙහෙයුම් ධාරිතාව තවත් ඉහළ දන්න සැලසුමක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙහෙයවා ඇති සමස්ත වාහන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා.
වරායේ රථවාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පාලනාධිකාරිය සඳහන් කරනවා.
මෙම වර්ධනයත් සමඟ වාහන මෙහෙයුම් සහ ගබඩා කිරීමේ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව යටිතල පහසුකම් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ යටතේ විශේෂිත රථවාහන නෞකාගත කිරීමේ හා ගොඩබෑමේ මෙහෙයුම් සඳහා නව නැව් නැංගුරම් ස්ථානයක් සහ රථවාහන අංගණයක් ඉදිකිරීමට නියමිතයි.
මෙම පහසුකම් මඟින් වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහන නෞකා සමාගම්වල වැඩිවන අවශ්‍යතා සපුරාලීමටත් අපේක්ෂා කරන බව වරාය පාලනාධිකාරිය පවසනවා.
2025 වසරේදී පමණක් හම්බන්තොට වරාය හරහා වාහන 726,153ක් මෙහෙයවා ඇති අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව 579,362ක් ලෙස වාර්තා වී තිබුණා.
ඒ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී වාහන මෙහෙයුම් සංඛ්‍යාව 146,791කින් හෙවත් සියයට 25.3කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම 2026 ජූලි මාසයේදී පමණක් වාහන 104,620ක් මෙහෙයවා ඇති අතර, එය වරායේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම වාහන මෙහෙයුම් සංඛ්‍යාව ලෙස සටහන් වනවා.
වරායේ වාහන මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීමේ දෙවැනි අදියරේ පළමු පියවර ලෙස හෙක්ටයාර හයකින් යුත් නව රථවාහන අංගණයක් පසුගිය මාර්තු මාසයේදී මෙහෙයුම් සඳහා එක්කර තිබෙනවා.
තවද, 2026 මැයි මාසයේ සිට CASCADIA සහ UGR සමාගම් විසින් හඳුන්වා දුන් නව රථවාහන ප්‍රවාහන සේවා හේතුවෙන් වරායේ ජාත්‍යන්තර නෞකා ප්‍රවාහන ජාලය ද තවදුරටත් පුළුල් වී ඇති බව සඳහන්.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය යටතේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදී වාර්ෂිකව වාහන 100,000ක් පමණ මෙහෙයවා තිබෙනවා.
එතැන් සිට ක්‍රමයෙන් වර්ධනය වී ඇති වරාය, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව අතර සිදුකෙරෙන ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහනයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට තවදුරටත් සංවර්ධනය කිරීම අපේක්ෂාව බව වරාය පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.