කැනඩාවේ ශ්‍රී ලාංකිකයන්ට ජංගම කොන්සියුලර් සේවාවක්- කැල්ගරි සහ එඩ්මන්ටන්වලදී

Report

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔටාවාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වා තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත සංවිධානය කළ මෙම වැඩසටහන කැල්ගරි සහ එඩ්මන්ටන් යන නගර දෙකේදී සාර්ථකව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔටාවා නගරයේ සිට කිලෝමීටර් 3,550කට සහ 3,575කට ආසන්න දුරකින් පිහිටි මෙම නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කොන්සියුලර් සේවාවන් පහසුවෙන් ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා.

කැල්ගරිහි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ (SLCA) සහ එඩ්මන්ටන්හි ශ්‍රී ලංකා කැනඩා මිත්‍රත්ව සංගමයේ (SLCFA) සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සේවාවට ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, කොන්සියුලර් කටයුතු 150කට වැඩි ප්‍රමාණයක් සඳහා නිලධාරීන් සහාය ලබාදී තිබෙනවා.

එමෙන්ම විවිධ විමසීම් 70කට වැඩි ප්‍රමාණයකට ද පිළිතුරු ලබාදී ඇති බව සඳහන්. විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී ලබාදී තිබෙනවා.

ඔටාවාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක කේ. කිරිතරන් සහ කොන්සියුලර් නිලධාරීන් වන චතුරිකා හේවා බන්දුල සහ සරත් අමරකෝන් යන මහත්ම මහත්මීන් විසින් මෙම සේවාවන් සපයා තිබෙනවා. මේ අතර, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත 'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ වීඩියෝ ද මෙහිදී ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඉදිරියේදී කැනඩාවේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද මෙවැනි ජංගම කොන්සියුලර් සේවාවන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්